මෑත කාලයේ බොහෝ දෙනා සිතාගෙන සිටින්නේ ඡායාරෑපකරණය යනු dslr කැමරාවක්ගෙන දුර බොඳ වු (forcus වු) ඡායාරෑපයක් ලබා ගැනීම බවයි.. එහෙත් සත්‍ය එය නොවන බව ප්‍රවීණයෝ හොදාකාරවම දනිති..ේඇත්තෙන්ම කුමද මෙි ඡායාරෑපකරණය කියන්නේ...? මාගේ නිර්වචනය හා මාගේ වැටහීම අනුව ඡායාරෑපකරණය යනු "වචනයෙන් කියා ගත නොහැකි හෝ වචනයෙන් කීමට අපහසු යමක් ඡායාරෑපයකින් ප්‍රකාශ කල හැකිවෙිද, එය ඡායාරෑපකරණයයි.."
එක් විෂේශිත කරැණක් මතක් කර දීමට කැමැතතෙමි.මෙම blog එක පුරාවටම පලවන සියලු කරැණු මාගේ දැනුමෙන් හා මාගේ සිතුවිලි මත රදා පවතින බව මතකයේ තබා ගන්න..මාගේ වැරදි හා අඩුපාඩු කිනම් හෝ අයුරකින් මා වෙත දැනුම් දෙන්න..!
අපි නැවත මාතෘකාව දෙසට හැරෙමු..! බොහෝ දෙනා සිතා සිටින්නේ "මට dslr කැමරාවක් නැති නිසා ඡායාරෑපකරණය කරන්න මට බැහැ" ලෙසයි..!එම මතය මා තරයේම හෙලා දකිමි.. ඡායාරෑපකරණය,තමා සැම විටම සාකකුවෙි දමාගෙන යන ජංගම දුරකතනයේ කැමරාවෙන් වුවද සිදු කල හැකිය..! ඇයි..? ජංගම දුරකතනයේ තිබෙන්නේ කැමරාවක් නොවෙිද..? එම කැමරාවෙන් ජායාරෑප ගත නොහැකි ද..? ඉතින් එපමණයි මුලික අවශ්‍යතාවය...ඉන් පසු අවශ්‍ය වන්නේ නිවැරදි හා කලාත්මක දර්ශනයයි...! ජායාරෑපකරණයේදිි , ජායාරැපයේ quality එක, එය හොද ඡායාරෑපයක් විිමට සාදකයක් වුවද,එය අනිවාර්ය සාදකයක් නොවෙි..! ඡායාරෑපකරණයට පිවිසෙන ඔබ, සැම විටම කියා ගත නොහැකි යමක් පිලිබිබු වන පරිදි ඡායාරෑප ලබා ගැනිමට උත්සහ කරන්න..!ඔබෙි සාර්ථකත්වය අත ලගයි..!
නිවැරදිව කැමරාවක් තෝරා ගන්නා අාකාරය පිලිබදව කියැවෙන පෝස්ට් එකක් සමග නැවත හමු වෙමු..!එතෙක් ඔබ සැමට බුදු සරණයි...!
Photographic
Tuesday, November 29, 2016
Monday, November 28, 2016
හැදින්වීම
මා විසින් පල කරනු ලබන පලමු පෝස්ට් එක මෙය වන බැවින් පලමුව ඔබ සියලු දෙනාවම ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව මාගේ blog එකට පිලිගැනිමට කැමැතතෙමි..! සැම විටම ඔබගේ අදහස් හා යෝජනා වලට හිස නමා ගෞරව කරනු ලබන අතර මාගේ වැරදි නිවැරදි කරගැනිම සදහා ඔබගේ අදහස් හා යෝජනා මා හට ඉතාමත් වැදගත්වෙි. මා දන්නා පුංචි දෙයක් හෝ යම් අයෙකුට කියා දිමට ඇති කැමැත්ත නිසාවෙන්,මාගේ මිතුරාගේ මගපෙන්විම යටතේ මෙසේ අරඹන්නට කැමැතතෙමි..! පලමු පෝස්ට් එක සමග හමුවෙමු..! එතෙක් ඔබට සුබ දවසක්...! බුදු සරණයි..!
Subscribe to:
Posts (Atom)